ලෝක ආහාර දිනය අද යි

ලෝක ආහාර දිනය අද යි

by Staff writer 16-10-2018 | 7:19 AM

COLOMBO (News 1st) - ලෝක ආහාර දිනය අදට යෙදී තිබේ.

මෙවර එහි තේමාව "අපගේ ක්‍රියාවන් අපගේ අනාගතය - 2030 වන විට කුසගින්නෙන් තොර ලොවක්" යන්නයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ අළෙවි ආහාර ප්‍රතිපත්ති හා කෘෂි ව්‍යාපාර අංශයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී දුමින්ද ප්‍රියදර්ශන මහතා සඳහන් කළේ, මේ වන විට ලෝක ජනගහනය ඉහළ යාමට සාපේක්ෂව ආහාර නිෂ්පාදනය අවම වී ඇති බවයි. එම තත්ත්වය හමුවේ, ලෝකයේ ආහාර අර්බුදයක් නිර්මාණයවීමේ අවදානමක් මතුව ඇතැයි ද ඔහු සඳහන් කළේ ය. මෙරට නිෂ්පාදනය කළ හැකි ආහාර බෝග විදෙස් රටවලින් ආනයනය කිරීම හමුවේ මෙරටට අහිමිවන විදේශ විනිමය ප්‍රමාණය ඉහළ යාම රටට අහිතකර මෙන් ම රටේ ආර්ථිකයට ප්‍රභල අභියෝගයක් බව ද ඔහු පෙන්වා දෙයි.