විගණකාධිපතිගෙන් හෙළිදරව්වක්

මෙරට සියලු රාජ්‍ය ආයතනවල මුදල් අවභාවිතයන් සිදු ව ඇති බවට විගණකාධිපතිගෙන් හෙළිදරව්වක්

by Staff writer 16-10-2018 | 6:22 AM

COLOMBO (News 1st) - මෙරට රජයේ ආයතන සියල්ලෙහිම පාහේ මූල්‍ය අවභාවිතයන් සිදු ව ඇති බවට අනාවරණ වී ඇතැයි විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි.

විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා සඳහන් කළේ, 2017 වර්ෂයට අදාළව සිදුකළ විගණනය කිරීම්වලදී ඒ බව අනාවරණ වී ඇති බවය. සම්පුර්ණ කරන ලද එම විගණන වාර්තා පාර්ලිමේන්තුව වෙත යොමු කිරීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේ ය. විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා පැවසුවේ, සිදු ව ඇති අවභාවිතයන් පිළිබඳ සවිස්තර වාර්තාවක් කඩිනමින් සකස් කිරීමට ද පියවර ගන්නා බවයි.