ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි

by Staff writer 16-10-2018 | 6:09 AM

COLOMBO (News 1st) - මෙරට ප්‍රථම සංගීත මහාචාර්ය, ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග මහත්මිය අභාවප්‍රාප්තවී තිබේ.

හෘදයාබාධයකින් ඇය මියයන විට 79 වැනි වියේ පසු විය. ඇයගේ පවුලේ ඥාතීන් පැවසුවේ, දින කිහිපයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇය ඊයේ රාත්‍රියේ මියගිය බවයි. ආචාර්ය දයාරත්න රණතුංග මහතාගේ ආදරණීය බිරිඳ වූයේ මහාචාර්ය අමරා රණතුංග මහත්මියයි. අභාවප්‍රාප්ත මහාචාර්යවරියගේ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා සිදු කිරීමට නියමිතවේ.