ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Hashini De Mel 16-10-2018 | 5:54 AM

දේශිය පුවත්

1. විදුලි බිලටත් මිල සූත්‍රයක් – වෘත්තිය සමිති අනාවරණයක්: විදුලි බිලටත් මිල සූත්‍රයක් ගෙන ඒමට විදුලි බල මණ්ඩලය සැලසුම් සකස් කරමින් පවතින බව විදුලි බල වෘත්තිය සමිති අනාවරණය කරයි. 2. මහනුවරදී ජනපති, හිටපු ජනපති හමුවෙයි: ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ මහනුවර පැවති ආගමික වැඩසටහනකට සහභාගි වී තිබේ. 3. බගවන්තලාව – මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ නිවාස 4 ක් නාය යයි: බගවන්තලාව – මස්කෙලිය ප්‍රධාන මාර්ගය සහ නිවාස 4 ක් නාය යෑමට ගොදුරුවීම හේතුවෙන් කාසල් රී ජලාශයට තල්ලු වී ගොස් තිබේ. ප්‍රධාන මාර්ගය වසා දමා රථ වාහන ධාවනය ද සම්පූර්ණයෙන් නතර කර ඇත. 4. ත්‍රිරෝද රථ ගාස්තු සිට ඉහළට: ඉන්ධන මිල සංශෝධනයට සාපේක්ෂව ඊයේ සිට ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දැමීමට ත්‍රිරෝද රථ සංගම් තීරණය කර තිබේ.

විදෙස් පුවත්

5. කාන්තාවකට පහර දුන් දේශපාලනඥයාට පක්ෂය තහනම් වෙයි: කාන්තාවකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් මුල්කරගෙන තමිල්නාඩු ප්‍රාන්තයේ ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂයේ හිටපු ප්‍රාදේශී ‍මන්ත්‍රීවරයෙකුගේ පක්ෂ සාමජිකත්වය අත්හිටුවයි.

ක්‍රීඩා පුවත්

6. හලාවත පාරමී මාරිස්ටෙලාට යොවුන් ඔලිම්පික් පදක්කමක්: යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පළමු පදක්කම දිනා දීමේ ගෞරවය හිමිකරගැනීමට හලාවතින් ක්‍රීඩාවට දායාද වූ පාරමී මාරිස්ටෙලා සමත් විය.

දවසේ සිත්තම…