එළවළු මිල යළි ඉහළට

අයහපත් කාලගුණයත් සමග එළවළු මිල යළි ඉහළට

by Staff writer 16-10-2018 | 7:28 AM

COLOMBO (News 1st) - එළවළු මිල ගණන් යළි ඉහළ යමින් තිබේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ විගණක ශාන්ත දිසානායක මහතා ප්‍රකාශ කළේ, වැසි සමග ලැබෙන අස්වනු අඩුවීම හමුවේ මෙම තත්ත්වය නිර්මානය වී ඇති බවයි. ඉදිරි සතිය වන විට දැනට පවතින මිල ද ඉක්මවා එළවළු මිල ගණන් ඉහළ යාමේ අවදානමක් ඇතැයි ද ඔහු සඳහන් කළේ ය. එළවළු මිල ගණන් පිළිබඳ කොළඹ මැනිං වෙළෙඳපොළෙන් ද නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. එහි පොදු වෙළෙඳ සමිති ලේකම් ගාමිණි හඳුන්ගේ මහතා සඳහන් කළේ, බෝංචි, තක්කාලි සහ ගෝවා ඇතුලු එළවළු මිල ගණන් දෛනිකව ඉහළ යමින් ඇති බවයි.