ෆෝර්මියුලා ත්‍රී යුරෝපා ශූරතාව මික් ශූමාකර්ට

ෆෝර්මියුලා ත්‍රී යුරෝපා ශූරතාව ජර්මනියේ මික් ශූමාකර්ට

by Staff writer 15-10-2018 | 11:28 AM
ජර්මනියේ මික් ශූමාකර්, ෆෝර්මියුලා ත්‍රී යුරෝපා ශූරතාව දිනා ගත්තේ ය. ඔහු හිටපු සුපිරි ‍ෆෝර්මියුලා වන් ධාවන ජර්මනියේ මයිකල් ශූමාකර්ගේ පුත්‍රයායි. යුරෝපා ෆෝර්මියුලා ත්‍රී ධාවන තරගාවලියේ අවසන් තරගය ජර්මනියේදී පැවැත්විණ. එහිදී ජර්මනියේ මික් ශූමාකර් දෙවැන්නා ලෙස තරගය අවසන් කළ අතර සමස්ත ශ්‍රේණිගතකිරීම් අනුව ඔහුට මෙවර ශූරතාව හිමි විය. මෙවර ලෝක ශූරතාවලිය අවසානයේදී ඔහු පෙරමුණේ රැඳී සිටින්නේ ලකුණු 365ක් ලබා ගනිමිනි. 19 වියැති මික් ශූමාකර්, පවසන්නේ තමන් ලැබූ ජයග්‍රහණය පිළිබඳව අතිශය සතුටු වන බවයි. නිමා වූ තරග සමයේදී තම දක්ෂතා පිළිබඳව සෑහීමකට පත් වෙන බව ද ඔහු සඳහන් කළේ ය. මික් ශූමාකර්ගේ පියා හිටපු සුපිරි ෆෝර්මියුලා වන් ධාවන මයිකල් ශූමාකර් වන අතර ඔහු වාර්තා අතරට එක් වූයේ අවස්ථා 7කදී ලෝක කිරුළ දිනා ගනිමිනි.