by Staff writer 15-10-2018 | 3:31 PM
COLOMBO (News 1st) - යාපනය ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකින් පුද්ගලයින් 30 දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඊයේ පස්වරු 4.00 සිට රාත්‍රි 8.00 දක්වා එම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි.
එහිදි රථ වාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රදේශ කිහිපයක සිදු වූ අපරාධ සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙක් සහ වරෙන්තුකරුවන් තිදෙනෙකු ඒ අතර වන බව පොලීසිය පැවසුවේ ය.
තව ත් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.