මෙගන් මව් පදවියට සැරසෙයි...

මෙගන් මව් පදවියට සැරසෙයි

by Staff writer 15-10-2018 | 5:01 PM

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මෙගන් මර්කල් මුල් වරට මව්පිය පදවි ලැබීමේ අපේක්ෂාවෙන් සිටි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙගන් මර්කල් නොහොත් සසෙක්ස් හි ආදිපාදවරිය ලබන වසරේ වසන්ත සමයේදී සිය ප්‍රථම දරුවා බිහි කිරීමට නියමිත බවයි. පැසිෆික් කලාපයේ සංචාරයක් අරඹන අවස්ථාවේදී හැරී කුමරු සහ මෙගන් කුමරිය මෙය නිවේදනය කර ඇත. හැරී කුමරු අමෙරිකානු නිළියක වූ මෙගන් මර්කල් සමග යුගදිවියට ‍පිවිසයේ ඉකුත් මැයි මාසයේදීයි.