මහනුවරදී ජනපති, හිටපු ජනපති හමුවෙයි

by Staff writer 15-10-2018 | 9:08 PM

COLOMBO (News 1st) - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද මහනුවර පැවති ආගමික වැඩසටහනකට සහභාගි විය.

තායිලන්ත රජයේ ධම්මචක්ක රාජකීය සම්මානයෙන් පිදුම්ලැබූ ආචාර්ය පූජ්‍ය ගොඩගම මංගල නාහිමියන් පිළිගැනීම වෙනුවෙන් අද මහනුවරදී මෙම වැඩසටහන පැවැත්විණි. තායිලන්ත රජයෙන් පිරිනැමුණ රාජකීය සම්මානය ජනාධිපතිතුමා අතින් මෙහිදී පූජ්‍ය ගොඩගම මංගල නාහිමියන් වෙත පිළිගැන් විය.