බගවන්තලාව - මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ නිවාස 4 ක් නාය යයි

by Staff writer 15-10-2018 | 3:53 PM

COLOMBO (News 1st) - බගවන්තලාව - මස්කෙලිය ප්‍රධාන මාර්ගය සහ නිවාස 4 ක් නාය යෑමට ගොදුරුවීම හේතුවෙන් කාසල් රී ජලාශයට තල්ලු වී ගොස් තිබේ.

ඊයේ දිනයේ සිට ප්‍රධාන මාර්ගය වසා දමා රථ වාහන ධාවනය ද සම්පූර්ණයෙන් නතර කෙරුණි. අද බගවන්තලාව, බලංගොඩ, මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ නිව් වැලිගම කොටසේ අඩි 100 ක පමණ කොටසක් සහ නිවාස 4 ක් නාය යෑමට ලක් විය. අද දහවල් එක් නිවසක් නාය යෑමට ලක් වූ අයුරු ජංගම දුරකතනයකින් පටිගතකළ දර්ශන අප වෙත ලැබිණි. මේ වනවිට නිවාසවල පදිංචිව සිටි පවුල් 5 කට අයත් සාමාජිකයින් 23 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇත. ප්‍රධාන මාර්ගය අඩි 10 පමණ ගිලා බැස තිබෙන බව අප හැටන් ප්‍රාදේශිය වාර්තාකරු පැවසූවේය.