දෙහිඅත්තකණ්ඩියේ අනතුරින් මියගිය ගණන 4ක් දක්වා ඉහළට

දෙහිඅත්තකණ්ඩියේ අනතුරින් මියගිය ගණන 4ක් දක්වා ඉහළට

by Staff writer 15-10-2018 | 9:29 AM
COLOMBO (News 1st) : දෙහිඅත්තකණ්ඩිය, උත්තලපුර ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරින් තුවාල ලබා රෝහල්ගත කර සිටි පිරිමි දරුවා ද මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගත කළ ඔහුගේ මව ද බරපතළ තත්ත්වයේ පසුවන බවයි. ඊයේ පස්වරු 5ට පමණ සඳුන්පුර ලිහිණියාගම මාර්ගයේ ධාවනය වූ යතුරු පැදියක් ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවිය. පොලීසිය පැවසුවේ, අනතුරින් යතුරු පැදියේ ගමන් ගත් එක ම පවුලේ පියා, මව හා පිරිමි දරුවන් තිදෙනා තුවාල ලබා දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 35 හැවිරිදි පියා, 14 හා 10 යන වයස්වල පසුවන පිරිමි දරුවන් දෙදෙනෙකු මියගිය බවයි. මව සහ අනෙක් පිරිමි දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට මාරුකර යැවූ අතර එම පිරිමි දරුවා ද මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, මව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට මාරුකර යවා ඇති අතර ඇය බරපතළ තත්ත්වයේ පසුවන බවයි. එක ම පවුලේ සිව් දෙනෙකුට දිවි අහිමි කළ රිය අනතුර සම්බන්ධයෙන් සැකපිට ටිපර් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.