ත්‍රිරෝද රථ ගාස්තු අද සිට ඉහළට..

ත්‍රිරෝද රථ ගාස්තු අද සිට ඉහළට..

by Staff writer 15-10-2018 | 6:30 AM
COLOMBO (News 1st) : ඉන්ධන මිල සංශෝධනයට සාපේක්ෂව අද සිට ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දැමීමට ත්‍රිරෝද රථ සංගම් තීරණය කර තිබේ. ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමයේ ලේකම් එල්. රෝහණ පෙරේරා මහතා පැවසුවේ, අද සිට තම සංගමය දෙවැනි කිලෝමීටරය සඳහා වන ගාස්තුව රුපියල් 5 කින් ඉහළ දමා ඇති බවයි. ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා පැවසුවේ, අද සිට බස්නාහිර හා දකුණු පළාතේ පමණක් දෙවැනි කිලෝමීටරය සඳහා වන ගාස්තුව රුපියල් 10 කින් ඉහළ දමා ඇති බවයි. මේ අතර සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා පැවසුවේ, මිල සූත්‍රයක් අනුසාරයෙන් ගාස්තු ඉහළ දැමීමට තම සංගමය තීරණය කර ඇත බවයි. එක් ත්‍රිරෝද රථ සංගමයක් ගාස්තුව රුපියල් 5 කින් ඉහළ දමා ඇති අතර තවත් සංගමයක් රුපියල් 10 කින් ගාස්තු ඉහළ දමා ඇත්තේ, දකුණු හා බස්නාහිර පළාත් දෙකෙහි පමණි.