බගවන්තලාව – මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ නිවාස 4 ක් නාය යයි

බගවන්තලාව – මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ නිවාස 4 ක් නාය යයි

කර්තෘ Staff writer

15 Oct, 2018 | 3:53 pm

COLOMBO (News 1st) – බගවන්තලාව – මස්කෙලිය ප්‍රධාන මාර්ගය සහ නිවාස 4 ක් නාය යෑමට ගොදුරුවීම හේතුවෙන් කාසල් රී ජලාශයට තල්ලු වී ගොස් තිබේ.

ඊයේ දිනයේ සිට ප්‍රධාන මාර්ගය වසා දමා රථ වාහන ධාවනය ද සම්පූර්ණයෙන් නතර කෙරුණි.

අද බගවන්තලාව, බලංගොඩ, මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ නිව් වැලිගම කොටසේ අඩි 100 ක පමණ කොටසක් සහ නිවාස 4 ක් නාය යෑමට ලක් විය.

අද දහවල් එක් නිවසක් නාය යෑමට ලක් වූ අයුරු ජංගම දුරකතනයකින් පටිගතකළ දර්ශන අප වෙත ලැබිණි.

මේ වනවිට නිවාසවල පදිංචිව සිටි පවුල් 5 කට අයත් සාමාජිකයින් 23 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇත.

ප්‍රධාන මාර්ගය අඩි 10 පමණ ගිලා බැස තිබෙන බව අප හැටන් ප්‍රාදේශිය වාර්තාකරු පැවසූවේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]