මහ කන්නයට අවශ්‍ය පොහොර තොග නිකුත් කෙරේ

මහ කන්නයට අවශ්‍ය පොහොර තොග නිකුත් කෙරේ

by Staff writer 14-10-2018 | 6:57 AM

COLOMBO (News 1st) - මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර තොග දිවයිනේ සියලු ගබඩා වෙත නිකුත් කර ඇතැයි ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් අජිත් පුෂ්පකුමාර මහතා සඳහන් කළේ, වී සඳහා යොදන පොහොර මිටියක් රුපියල් 500 ක මිලකට අළෙවි කෙරෙන බවයි. අතිරේක භෝග සඳහා යොදන පොහොර මිටියක් අළෙවි කෙරන්නේ රුපියල් 1500 ක මිලකට බව ද ඔහු සඳහන් කළේ ය. වී සඳහා නිකුත් කරන කිලෝග්‍රෑම් 50 ක පොහොර මිටියකට රුපියල් 3000 ක මිලක් දැරීමට රජයට සිදුවනු ඇති. අතිරේක බෝග සඳහා වන කිලෝග්‍රෑම් 50 පොහොර මිටියකට රජයට දැරීමට සිදුව ඇති මිල රුපියල් 2000 කි. මෙවර මහ කන්නයේ වගා කිරීමට අපේක්ෂිත කුඹුරු බිම් ප්‍රමාණය හෙක්ටයාර් ලක්ෂ 8 කට ආසන්නයි. ඒ සඳහා යුරියා මෙට්ට්‍රික්ටොන් 245,000 ක්, එම් ඕ පී මෙට්ට්‍රික් ටොන් 75,000 ක් සහ ටී එස් පී වර්ගයේ පොහොර මෙට්ට්‍රික් ටොන් 65,000 කට අධික ප්‍රමාණයක් අවශ්‍ය වන බවට ඇස්තමේන්තු කර ඇත. මේ අතර ජාත්‍යන්තර වෙළෙඳපොළේ පොහොර මිල ගණන් ඉහළ ගිය ද පොහොර සහනාධාරයට කිසිදු බලපෑමක් නොවන බව කෘෂීකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ, ක්‍රියාත්මක වන පොහොර සහනාධාර ප්‍රතිපත්තිය කිසිදු අයුරකින් හෝ වෙනස් නොකරන බවයි.