හැඳුනුම්පත් ගාස්තු ග්‍රාම නිලධාරීට ගෙවීමට අවස්ථාව

ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේ ගාස්තු ග්‍රාම නිලධාරීන්ට ගෙවීමේ අවස්ථාව

by Staff writer 14-10-2018 | 8:09 AM

COLOMBO (News 1st) - ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේ ගාස්තු ග්‍රාම නිලධාරීන්ට ගෙවීමට හැකි බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා සඳහන් කළේ, ඒ සඳහා අවශ්‍ය උපදෙස් මේ වන විට නිකුත් කර ඇති බවයි. ඒ අනුව ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු රුපියල් 100 ක මුදල ග්‍රාම නිලධාරීන්ට ලබා දිය හැකියි. මේ සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. එහි ලේකම් එස්. ටී. කොඩිකාර මහතා සඳහන් කළේ, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඉල්ලීමක් පරිදි ඊට අනුමැතිය දුන් බවයි. මේ අතර රටපුරා ග්‍රාම නිලධාරීන් 1980 දෙනෙකුගේ පමණ හිඟයක් පවතින බව ද ලේකම්වරයා ප්‍රකාශ කළේ ය. ඔහු පැවසුවේ, ලබන 22 වැනි දා තව ත් පත්වීම් 300 ක් ලබාදීමට නියමිත බවයි. පවතින හිඟය අවම කිරීම සඳහා කඩිනමින් අනෙකුත් පත්කිරීම් සිදු කිරීමට ද පියවර ගනිමින් ඇතැයි ඔහු සඳහන් කළේ ය.