අධ්‍යක්ෂ විකාස් බාල්ට රිතික්ගෙන් චෝදනාවක්

අධ්‍යක්ෂ විකාස් බාල්ට රිතික් රෝෂන්ගෙන් චෝදනාවක්

by Staff writer 14-10-2018 | 11:09 AM

ජනප්‍රිය ඉන්දීය නළු රිතික් රෝෂන් සිය නවතම සිනමා පටයේ අධ්‍යක්ෂ විකාස් බාල්ට චෝදනා කර තිබේ.

ඒ, සුපර් 30 නමැති එම සිනමා පටය තිරගත කිරීම සඳහා යොදාගත් දිනය ගැටලු සහගත බව පවසමිනි. සුපර් 30 සිනමා පටය තිරගතවීමට නියමිතව ඇත්තේ, ලබන වසරේ ජනවාරි 25 වන දායි. එහෙත් එදිනට කන්ගනා රනෝට් රඟන ද කුවින් ඔෆ් ජාන්සි සිනමා පටය ද තිරගතවීම් ආරම්භ කිරීමට නියමිතය. මේ හේතුවෙන් සුපර් 30 සිනමා පටය නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂක සංඛ්‍යාවේ අඩුවක් විය හැකි බැවින් එය වෙනස් කරන්නැයි රිතික් රෝෂන් චිත්‍රපට අධ්‍යක්ෂකවරයාට දැනුම් දී තිබේ.