ශ්‍රී ලංකා - එංගලන්ත දෙවැනි එක් දින තරගය දඹුල්ලේදී

ශ්‍රී ලංකා - එංගලන්ත දෙවැනි එක් දින ක්‍රිකට් තරගය අද දඹුල්ලේදී

by Staff writer 13-10-2018 | 7:46 AM

ශ්‍රී ලංකා - එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවැත්වේ.

නිව්ස්ෆස්ට් දඹුල්ල ප්‍රාදේශීය වාර්තාකරු ප්‍රදීප් ගුණවර්ධන ප්‍රකාශ කළේ, ක්‍රීඩාංගණය ආශ්‍රිතව යහපත් කාලගුණික තත්ත්වයක් පවතින බව ය. මේ අතර අද තරගයේදි ලකුණු 275 කට වඩා අඩු සංඛ්‍යාවකට ප්‍රතිවාදී එංගලන්තය සීමා කිරීමට උත්සාහ කරන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අකිල ධනංජය පවසයි. එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ජෝ රූට් පැවසූවේ, ශ්‍රී ලංකා තණතිලිවල සාර්ථක ලෙස ලකුණු රැස් කළ හැකි බවට සනාථ කිරීමට තම කණ්ඩායම උත්සාහ කරන බව ය. ශ්‍රී ලංකා පිතිකරු උපුල් තරංග එක්දින ලකුනු 7000 සීමාව පසු කිරීමට තව ත් ලකුණු 64 ක් පසු පසින් සිටි. මේ අතර එංගලන්තයේ ජොනී බෙයාස්ටෝව්ට මේ වසර තුළ එක්දින ක්‍රිකට් ලකුණු 1000 සීමාව පසු කිරීමට තව ත් අවශ්‍යව ඇත්තේ ලකුණු 5ක් පමණි. 2014 වසරෙන් අනතුරුව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව කිසිදු එක්දින ක්‍රිකට් තරගයක් ජයගෙන නොමැත. එම නිසා අද තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය වැදගත් වනු ඇති. මෙම තරගය අද උදෑසන 10.00 ට ආරම්භවීමට නියමිත වේ. සිරස TV සහ TV1 නාලිකා ඔස්සේ තරගයේ සියලු තොරතුරු සජීවි ලෙස විකාශය කිරීමට කටයුතු යොදා තිබේ.