'වෛශ්නාවී' ජාත්‍යන්තර චිත්‍රපට උළෙලට වරම් ලබයි

'වෛශ්නාවී' හැනෝයි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලට වරම් ලබයි

by Staff writer 13-10-2018 | 12:53 PM

COLOMBO (News 1st) - ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් මහත්මියගේ වෛශ්නාවී සිනමා පටය වියට්නාම හැනෝයි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලට වරම් ලබා තිබේ.

ඒ, ලෝක සිනමා කාණ්ඩය යටතේයි. මේ අනූව ඔක්තෝබර් 27 වැනි දා සිට 31 වැනි දා දක්වා පැවැත්වෙන හැනෝයි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී වෛශ්නාවී සිනමා පටය තිරගත වනු ඇති. ඒ සඳහා වෛශ්නාවී සිනමා පටයේ ඔසඳගේ චරිතය නිරූපණය කරන ජනප්‍රිය රංගන ශිල්පී තුමිඳු දොඩංතැන්න සහභාගීවීමට නියමිත ය.