අද ත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි...

දිවයිනේ ප්‍රදේශ රැසකට අද ත් මිලිමීටර් 75 ඉක්මවූ වැසි

by Staff writer 13-10-2018 | 6:55 AM

COLOMBO (News 1st) - අද දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 75 ඉක්මවූ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අයහපත් කාලගුණයෙන් නිවාස හානිවූ පුද්ගලයින් සඳහා රුපියල් 10,000 ක අත්තිකාරම් මුදලක් ලබාදීම ආරම්භ කර ඇතැයි ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසනු ඇත. එහි අධ්‍යක්ෂ චමින්ද පතිරාජ මහතා පැවසුවේ, ඔවුන්ගේ නිවාස සඳහා පූර්ණ තක්සේරුවක් සිදුකර වන්දි ලබාදෙන තෙක් එම අත්තිකාරම් ලබාදෙන බවයි. මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ, ආපදා හේතුවෙන් පීඩාවට පත් වූ 4000 කට ආසන්න පිරිසක් තවදුරටත් කඳවුරුගත ව සිටින බවය. කොළඹ නගරය ආශ්‍රිත ගංවතුර පාලනය සඳහා කඩිනමින් වැඩපිළිවෙළක් අවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතා පවසා ඇත. ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, කැලණි ගඟ පහළ මිටියාවතේ වම් ඉවුර සහ කොළඹ නගරය ආශ්‍රිත ගංවතුර පාලනය වෙනුවෙන් ඉදිරිපත් වූ ව්‍යාපෘති වාර්තාවක් පිළිබඳව ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.