මානව හිමිකම් කවුන්සිලයට නව රාජ්‍යන් 18 ක් එක්වෙයි

ජාත්‍යන්තර විවේචන මැද නව සාමාජික රාජ්‍යයන් 18 ක් එ.ජා. මානව හිමිකම් කවුන්සිලයට එක්වෙයි

by Staff writer 13-10-2018 | 8:17 AM

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට නව රාජ්‍යන් 18 ක් එක් වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ ඊයේ පැවැති ඡන්ද විමසීමකදී මෙම නව රාජ්‍යන් 18 ට තේරි පත් වී ඇති බවයි. ඒ අනුව මෙම නව රාජ්‍යන් 18 ට වසර තුන බැගින් වූ ධූර කාල දෙකක් හිමි වනු ඇති. කෙසේ වෙතත් හියුමන් රයිට් වොච් වැනි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන, නව සාමාජිකත්වය ලැබු ඇතැම් රටවල් සම්බන්ධයෙන් සිය විරෝධය පළ කර තිබේ. පිලිපිනය, එරිත්‍රියාව, බහරේන් සහ කැමරුන් වැනි රාජ්‍යන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමට පත්වීම පිළිබඳව එම විරෝධය එල්ල වී ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පිලිපිනය, එරිත්‍රියාව, බහරේන් සහ කැමරුන් ආශ්‍රිතව බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝණයවීමේ සිදුවිම් වාර්තාවීම හමුවේ මෙලෙස විරෝධය එල්ල වී ඇති බවයි.