ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Hashini De Mel 13-10-2018 | 6:31 AM

දේශීය පුවත්

1. නලින් පෙරේරා අගවිනිසුරු ධූරයේ දිවුරුම් දෙයි: නව අගවිනිසුරු ලෙස නලින් පෙරේරා මහතා ඊයේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. 2. සුදු සීනි සඳහා උපරිම සිල්ලර මිලක්: අද සිට ක්‍රියාත්මක වන පරිදි සුදු සීනි සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමට පාරිභෝගික කටයුතු අධිකාරිය තීරණය කර තිබේ. ඒ අනුව ඇසුරුම් නොකළ සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 100 ක මිලකටත්, ඇසුරුම් කළ සුදු සීනි කිලෝග්‍රෑම්යක් රුපියල් 105 ත් අළෙවි කළ යුතුය. 3. හම්බන්තොට, ලුණුගම්වෙහෙර බස් රථ අනතුරින් 80 දෙනෙකුට තුවාල: හම්බන්තොට, ලුණුගම්වෙහෙර නව බස්නැවතුම්පොළ අසළ බස් රථ දෙකක් එකිනෙක් ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත් ව පුද්ගලයින් 80 කට අධික පිරිසක් තුවාල ලබා තිබේ. 4. පරිගණක ක්‍රීඩාවන්ට ඇබ්බැහි වීම රෝගී තත්ත්වයක් බව හෙළිවෙයි: පරිගණක ක්‍රීඩාවන්ට ඇබ්බැහි වීම රෝගී තත්ත්වයක් ලෙස නම් කර ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

විදෙස් පුවත්

5. ලොව දීර්ඝතම ගුවන් ගමන සාර්ථකව අවසන්: ලොව දීර්ඝතම ගුවන් ගමන සටහන් කරමින් සිංගප්පූරුවෙන් ඊයේ පියාසර කිරීම ඇරඹූ මගී ගුවන් යානය අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට නිරුපද්‍රිතව ගොඩබස්වා තිබේ. ඒ, පැය 17 යි මිනිත්තු 25 ක ගුවන් කාලයකින් අනතුරුවයි.

දවසේ සිත්තම…