වැඩි මිලට සීනි අළෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම්

උපරිම මිල ඉක්මවා සීනි අළෙවි කරන වෙළෙඳුන් සොයා දීපව්‍යාප්තව වැටලීම්

by Staff writer 13-10-2018 | 2:01 PM

COLOMBO (News 1st) - ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සුදු සීනි සඳහා පැනවූ උපරිම සිල්ලර මිල උල්ලංඝණය කරන වෙළෙඳුන් සොයා දීපව්‍යාප්ත වැටලීම් ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

උපරිම මිල අනුව ඇසුරුම් නොකළ සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 100 ක මිලකටත්, ඇසුරුම් කළ සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 105 කටත් අළෙවි කළ යුතුයි. එසේම කිසිම ආනයනකරුවෙකු සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 92 කට වඩා වැඩි මිලකට වෙළෙඳාම් නොකළ යුතු බව ද පාරිභෝගික කටයුතු අධිකාරිය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ය. පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති අනුර මැද්දෙගොඩ මහතා සඳහන් කළේ, එම මිල ගණන් ඉක්මවා සීනි අළෙවි කරන ස්ථාන පිළිබඳව පාරිභෝගික අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකය දැනුවත් කරන ලෙසයි.