අරුවක්කාරුවලට කොළඹ කසළ බැහැර කරන්න ඉඩ දෙන්නේ නැහැ!

"අරුවක්කාරුවලට කොළඹ කසළ බැහැර කිරීමට ඉඩ දෙන්නේ නැහැ" - රංගේ බණ්ඩාරගෙන් ප්‍රකාශයක්

by Staff writer 13-10-2018 | 7:03 AM

COLOMBO (News 1st) - කොළඹ මහ නගර සභාවේ කසළ පුත්තලම අරුවක්කාරු ප්‍රදේශයට බැහැර කිරීමට ඉඩ නොදෙන බව අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

ඔහු කියා සිටියේ, ඊට එරෙහිව ජනතාව නැගී සිටීම සාධාරණ බවයි. මේ අතර අරුවක්කාරු ප්‍රදේශයට කසළ දැමීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් ඊයේ දිනයේත් ප්‍රදේශවාසින් ඇතුලු සිවිල් සංවිධාන කිහිපයක් පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත විය.