Electronic ගෙවීම් කරන පාරිභෝගිකයින්ට 10% ක වට්ටමක්

අධිවේගීයේ Electronic ක්‍රමවේදයෙන් ගෙවීම් කරන පාරිභෝගිකයින්ට 10% ක වට්ටමක්

by Staff writer 13-10-2018 | 7:29 AM

COLOMBO (News 1st) - අධිවේගී මාර්ගවල ඉලෙක්ට්‍රොනික් ගාස්තු ගෙවීමේ ක්‍රමවේදය භාවිත කරන පාරිභෝගිකයින්ට 10% ක වට්ටමක් ලබාදෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

අධිවේගී මාර්ග නඩත්තු සහ කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා පැවසුවේ, ගෙවීම් දොරටුවලදී තම වාහනය නතර කිරීමකින් තොරව මෙම ක්‍රමවේදයෙන් මුදල් ගෙවිය හැකි බව ය. කටුනායක - කොළඹ අධිවේගී මාර්ගයේ පමණක් දැනට මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක අතර දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා ද එය කඩිනමින් හඳුන්වා දෙන බව ඔහු සඳහන් කළේ ය. අධිවේගී මාර්ග සඳහා ඉලෙක්ට්‍රොනික් ගාස්තු ගෙවීමේ ක්‍රමවේදය සඳහා 15,000 කට අධික පාරිභෝගිකයින් පිරිසක් ලියාපදිංචි වී ඇති බව ද ඔහු සඳහන් කළේ ය.