ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තයට ලකුණු 31ක ජයක්

ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තයට ලකුණු 31ක ජයක්

ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තයට ලකුණු 31ක ජයක්

කර්තෘ Staff writer

13 Oct, 2018 | 5:17 pm

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගය එංගලන්තය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 31කින් අද ජය ගත්තේ ය.

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය.

ජෝ රූට් ලකුණු 71ක් රැස් කළ අතර නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ඔයින් මෝගන් ලකුණු 92යි.

එංගලන්ත ක්‍රීඩකයෝ පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 278ක් රැස් කළහ.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පන්දුවාර 10කදී එක් නිලකුණ පන්දුවාරයක් ද සමගින් ලකුණු 44 ට කඩුලු 5ක් දවා ගත්තේ ය.

ජයග්‍රහණය සඳහා ලකුණු 279ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 31 කදී බිඳ වැටිණි.

කුසල් ජනිත් ලකුණු 30යි.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 29ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 140ක් රැස් කර ගෙන සිටියදී වර්ෂාවෙන් බාධා එල්ල විය.