යෝජිත අධිවේගී දුම්රිය නිෂ්පාදන සමාගමෙන් 10%ක් ඉල්ලුවේ කවුද?

යෝජිත අධිවේගී දුම්රිය නිෂ්පාදන සමාගමෙන් 10%ක් ඉල්ලුවේ කවුද?

කර්තෘ Staff writer

13 Oct, 2018 | 8:01 pm

COLOMBO (News 1st) – යෝජිත අධිවේගී දුම්රිය නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියට ඉඩ ලබා දීම සඳහා කොමිස් මුදල් ඉල්ලූ බව එම සමාගමේ නියෝජිතයෝ අද යළිත් ප්‍රකාශයක් කළහ.

මේ පිළිබඳව මීට පෙර අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගේ ද සම්බන්ධයක් ඇතැයි සඳහන් විය.

කෙසේ වෙතත් ඔහු ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඒ සියල්ල ප්‍රතික්ෂේප කළේ ය.