තෙල්දෙණිය මූලික රෝහල දණහිස් බද්ධ කිරීමක් සිදු කරයි

තෙල්දෙණිය දිස්ත්‍රික් මූලික රෝහල ප්‍රථම වතාවට කෘතිම දණහිස් බද්ධ කිරීමක් සිදු කරයි

by Staff writer 13-10-2018 | 10:30 PM
COLOMBO (News 1st) - තෙල්දෙණිය දිස්ත්‍රික් මූලික රෝහල් ඉතිහාසයේ ප්‍ර‍ථම වතාවට කෘතිම දණහිස් බද්ධ කිරීමේ සැත්කමක් සිදු කිරීමට වෛද්‍යවරු කණ්ඩායමක් සමත් වී තිබේ. මීට මාස දෙකකට පමණ පෙර සියලු පහසුකම්වලින් සමන්විත නවතම ශල්‍යාගාරයක් තෙල්දෙණිය රෝහලේදී විවෘත කිරීමෙන් පසු මෙම සැත්කම කිරීම විශේෂත්වයකි. සැත්කමට භාජනය කර තිබෙන්නේ තෙල්දෙණිය ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 52ක අයෙකි. පැය දෙකයි මිනිත්තු 30ක කාලයක් මෙම ශල්‍යකර්මය සිදු කර ඇති අතර විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙකු ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් ඊට එක්වී තිබේ.