පාසල් සිසුවෙකු ඝාතනය කළ විත්තිකරුට මරණ දඬුවම

19 වසරකට පසු පාසල් සිසුවෙකු ඝාතනය කළ විත්තිකරුට මරණ දඬුවම

by Staff writer 12-10-2018 | 4:20 PM

COLOMBO (News 1st) - අවුරුදු 14 ක් වයසැති පාසල් සිසුවෙකු පිහියෙන් ඇන ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ විත්තිකරුවෙකුට ගම්පහ මහාධිකරණය අද මරණ දඬුවම නියම කර තිබේ.

ඒ, ඝාතනය සිදුකර වසර 19 කට පසුවයි. ඝාතනය සිදුකළ අවස්ථාවේදී තව ත් දෙදෙනෙකුට පිහියෙන් ඇන බරපතළ තුවාල සිදු කිරීමේ චෝදනාවට බරපතළ වැඩ ඇති ව වසරක් බැගින් සිර දඬුවම් හා රුපියල් 1000 ක දඩයක් වරදකරුට ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා තීන්දු කළේ ය. 1996 වර්ෂයේ ජුලි මස 31 වන දා නිට්ටඹුව, නිකහැටිකන්ද ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදු ව තිබේ. සුසාන භූමියක් අසළදී අදාළ තැනැත්තා බිය ගැන්වීමේදී ඇති වූ ආරවුලකදී මෙම පිහි ඇණුම සිදු ව ඇති අතර අද මරණ දඬුවම නියම වූයේ 59 හැවිරිදි පස්දරු පියෙකුටයි.