සුදු සීනි සඳහා උපරිම සිල්ලර මිලක්

අද මධ්‍යම රාත්‍රියේ සිට සුදු සීනි සඳහා උපරිම සිල්ලර මිලක්

by Staff writer 12-10-2018 | 5:10 PM

COLOMBO (News 1st) - අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සුදු සීනි සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමට පාරිභෝගික කටයුතු අධිකාරිය තීරණය කර තිබේ.

ඒ අනුව ඇසුරුම් නොකළ සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 100 ක මිලකටත්, ඇසුරුම් කළ සුදු සීනි කිලෝග්‍රෑම්යක් රුපියල් 105 ත් අළෙවි කළ යුතුයි. එසේම කිසිම ආනයනයකරුවෙකු සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 92 කට වඩා වැඩි මිලකට වෙළෙඳාම් කිරීම නොකළ යුතු බව ද පාරිභෝගික කටයුතු අධිකාරිය එම නිවේදනයෙන් පෙන්වා දෙයි. ඊට අදාළ ගැසට් නිවේදන නිකුත් කර ඇති අතර උපරිම මිල ඉක්මවා සීනි අළෙවි කරන්නන්, සැපයුම්කරුවන්, ආනයනකරුවන් හා බෙදාහරින්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පරිභෝගික කටයුතු අධිකාරිය අවධාරණය කර තිබේ. සුදු සීනි මිල වැඩිවීම පිළිබඳව ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය අනුකමිටුවේ නිර්දේශ මත පදනම්ව මෙම තීරණය ගත් බව පරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.