ලොව දීර්ඝතම ගුවන් ගමන..

ලොව දීර්ඝතම ගුවන් ගමන සාර්ථකව අවසන්

by Staff writer 12-10-2018 | 4:58 PM

ලොව දීර්ඝතම ගුවන් ගමන සටහන් කරමින් සිංගප්පූරුවෙන් ඊයේ පියාසර කිරීම ඇරඹූ මගී ගුවන් යානය අද අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට නිරුපද්‍රිතව ගොඩබස්වා තිබේ.

ඒ, පැය 17 යි මිනිත්තු 25 ක ගුවන් කාලයකින් අනතුරුවයි. කෙසේවෙතත් මෙම ගුවන් ගමන සඳහා පැය 19 ක කාලයක් ගතවනු ඇතැයි මීට පෙර පුරෝකතනය කර තිබුණි. ගමනේ මුළු දුර ප්‍රමාණය කිලෝමීටර් 16,700 ක් වනු ඇත.