බෙන්තොට මුහුදේ ගිලී විදේශිකයෙකු මරුට

බෙන්තොට මුහුදේ ගිලී විදේශිකයෙකු මරුට

බෙන්තොට මුහුදේ ගිලී විදේශිකයෙකු මරුට

කර්තෘ Staff writer

12 Oct, 2018 | 8:39 am

COLOMBO (News 1st) – බෙන්තොට මුහුදේ ගිලී විදේශිකයෙකු මිය ගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ මුහුදේ දිය නෑමට ගිය අවස්ථාවේ ඔහු මෙම අනතුරට ඊයේ පස්වරුවේ මුහුණපා ඇති බව ය.

මිය ගිය බ්‍රිතාන්‍ය ජාතිකයාගේ වයස අවුරුදු 49කි.

මෘත ශරීරය කළුතර නාගොඩ රෝහලේ තැන්පත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බෙන්තොට පොලීසියෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක ය.