ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

කර්තෘ Sakila Udayakumara

12 Oct, 2018 | 6:57 am

COLOMBO (News 1st) 

1. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් 3 දෙනෙකු ඉදිරිපත් කර තිබූ අභියාචනා පෙත්සම් අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසින් ඊයේ පස්වරුවේ ඒකමතිකව නිෂ්ප්‍රභ කළේ ය.

2. වරාය හා ගුවන් සේවා අමාත්‍යංශය මිහින් ලංකා ගුවන් සේවයට ලබා දුන් රුපියල් මිලියන 300ක ණය මුදල හා පොළිය ආපසු ගෙවා නැතැයි සමාගමේ ගනුදෙනු විමර්ශනය කරන ජනාධිපති කොමිසමේදී ඊයේ අනාවරණය විය.

3. සයිටම් වෛද්‍ය සිසුවියක සම්බන්ධයෙන් දුන් අධිකරණ නියෝගය වෛද්‍ය සභාව ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් එම සිසුවිය යළිත් අධිකරණය හමුවට ගොස් තිබේ.

4. එකම පවුලේ පුද්ගලයින් 6 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරුවන් වූ විත්තිකරුවන් 10 දෙනෙකුට තංගල්ල මහාධිකරණයෙන් ඊයේ මරණ දඬුවම නියම කෙරිණි.

5. ජනප‍්‍රිය ගායන හා රංගන ශිල්පියෙකු වූ අභාවප්‍රාප්ත රොනී ලීච් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ පස්වරුවේ ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.

විදෙස් පුවත්

6. කාර්මික දෝෂයකට ලක් වූ ගඟනගාමීන් දෙදෙනෙකු රැගත් කැප්සූලය සහිත රුසියානු සොයූස් රොකට්ටුව ආරක්ෂිත ලෙස යළි පෘථිවියට පතිත වී තිබේ.

දවසේ සිත්තම…