විදෙස් රැකියා පෙන්වූ වාහන හොරා පානදුරේදී කොටුවෙයි

විදෙස් රැකියා පෙන්වා වාහන සොරාගත් අයෙකු පානදුරේදී කොටුවෙයි

by Staff writer 11-10-2018 | 12:50 PM

COLOMBO (News 1st) - විදේශ රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයින්ගෙන් මුදල් හා කුලී පදනම මත වාහන ලබා ගෙන වංචාවන් සිදුකළ සැකකරුවෙකු පානදුර, පිංවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, සැකකරු පානදුර, බණ්ඩාරගම, මතුගම, කළුතර, ඇල්පිටිය, මාතර හා රඹුක්කන යන ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් මෙම මූල්‍ය වංචා සිදුකර ඇති බවයි. ඔහු සන්තකයේ තිබී විවිධ පුද්ගලයින්ගෙන් ලබා ගත් මොටර් රථ 04 ක් හා ජීප් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට පත් ව ඇත්තේ 41 හැවිරිදි පානදුර පිංවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු අද පානදුර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත වේ.