සිවිල් සාමාජිකයින් තිදෙනාගේ නම් අද පාර්ලිමේන්තුවට

ව්‍යවස්ථාදායක සභාවට පත් කෙරෙන සිවිල් සාමාජිකයින්ගේ නම් අද පාර්ලිමේන්තුවට

by Hashini De Mel 11-10-2018 | 7:28 AM

COLOMBO (News 1st) - ව්‍යවස්ථාදායක සභාව සඳහා පත් කෙරෙන සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් තිදෙනාගේ නම් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව ආචාර්ය ජයන්ත ධනපාල, අහමඩ් යාවිජ් යූසුෆ් සහ නාගානන්දන් සෙල්වකුමාර් යන මහත්වරුන්ගේ නම් අග්‍රාමාත්‍යවරයා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරණු ඇති. අද පෙරවරු 10.00 ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත වේ.