ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Hashini De Mel 11-10-2018 | 6:26 AM

දේශිය පුවත්

1. ඇමතිවරු දැක නැති බව කී මිල සූත්‍රයට අනුව තෙල් මිල වැඩිවෙයි: අද සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල ඉහළ දමා තිබේ. මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, ඔක්ටේන් 92 ක පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6 කින් ඉහළ යන බවයි. රුපියල් 149 ක්ව පැවති පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 155 ක් දක්වා ඉහළ යනු ඇති. ඔක්ටේන් 95 ‍වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ, රුපියල් 8 කිනි. 2. ඇමති පාඨලීට කොළඹ මහාධිකරණය නොතීසි: ලබන 18 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි, අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට කොළඹ මහාධිකරණය නොතීසි නිකුත් කර තිබේ. 3. මහ මුහුදේ අතරමං ධීවරයින්ගේ දිවි බේරේ: ගාල්ල වරායට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක් වූ යාත්‍රාවක අතරමංව සිටි ධීවරයින් 7 දෙනෙකු මුදා ගැනීමට නාවික හමුදාව සමත්ව තිබේ. ඒ, අමෙරිකානු නාවික හමුදාවේ සහය ඇතිව දකුණු නාවික විධානයට අනියුක්ත ජය සාගර නෞකාව මගින් සිදුකළ මෙහෙයුමකදීයි. 4. රතුපස්වල නඩුව කල්යයි: ගම්පහ, රතුපස්වල ජනතාව පිරිසිදු පානීය ජලය ඉල්ලා වැලිවේරිය නගරයේ සිදුකළ උද්ඝෝෂණයේදී වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කිරීමට අදාළ නඩුව ලබන වසරේ ජනවාරි 04 වන දා දක්වා කල් තැබිණි. ඒ, අදාළ නඩුව ගම්පහ මහේස්ත්‍රාත් ඩි.ඒ. රුවන් පතිරණ මහතා හමුවේ කැඳවීමෙන් අනතුරුවයි. 5. රොනී ලීච් මහතාගේ දේහය දිවයිනට රැගෙන එයි: ජනප‍්‍රිය ගායන හා රංගන ශිල්පියෙකු වන අභාවප්‍රාප්ත රොනී ලීච් මහතාගේ දේහය ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට දිවයිනට රැගෙනවිත් තිබේ. දේහය ගල්කිස්ස ක‍්‍රිස්තුදේව දෙව් මැදුරේ තැන්පත් කර තැබෙන අතර අවසන් කටයුතු ගල්කිස්ස සුසාන භූමියේදී අද පස්වරු 3.00 ට සිදු කිරීමට නියමිතය. 6. රජරට සරසවියේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති ඇතුළු තනතුරු 15කින් කථිකාචාර්යවරු ඉල්ලා අස්වෙති: රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති සහ අධ්‍යයන අංශ 14 ක ප්‍රධානීන් සිය තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ. ඔවුන් මෙම තීරණයට එළැඹ ඇත්තේ, වෛද්‍ය පීඨයේ ආචාර්යවරුන්ට ලබා දුන් රඳවා ගැනීමේ දීමනාව කිසිදු පුර්ව දැනුම් දීමකින් තොරව පසුගිය මාසයේ නවතා දැමීම හේතුවෙන්ය.

විදෙස් පුවත්

7. බ්‍රිතාන්‍යයෙන් සෞදි අරාබියට අනතුරු ඇඟවීමක් ! : තුර්කියේ ඉස්ථාන්බුල් නුවර පිහිටි සෞදි කොන්සල් කාර්යාලයට ඇතුළුවීමෙන් පසු අතුරුදන් වූ සෞදි ජාතික ජනමාධ්‍යවේදියාට සිදුවූයේ කුමක් ද යන්න සම්බන්ධයෙන් සිය රට දැඩි අවධානයෙන් පසුවන බව බ්‍රිතාන්‍ය අවධාරණය කරයි. බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සිය රට ජනමාධ්‍යවේදී ජමාල් ඛෂෝගිගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සෞදි අරාබියෙන් කඩිනම් පිළිතුරක් බලාපොරොත්තු වන බවයි.

ක්‍රීඩා පුවත්

8. ශ්‍රී ලංකා – එංගලන්ත පළමු එක්දින තරගය අතහැර දැමේ: ශ්‍රී ලංකා සහ එංගලන්ත කණ්ඩායම් අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අතහැර දැමීමට විනිසුරුවරුන් තීරණය කළේ ය. ඒ තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙනි.

දවසේ සිත්තම...