by Staff writer 11-10-2018 | 9:26 PM
COLOMBO (News 1st) - බළංගොඩ නගර සභා රැස්වීම අද ගුටි බැට හුවමාරුවකින් අවසන් විය.
ගැටුම ඇති වුණේ හිටපු සභාපතිවරයා හා වත්මන් සභාපතිවරයා අතර ය.
බළංගොඩ නගර සභාව අද පෙරවරුවේ සභාපති චමික ජයමිණි වැවේගෙදර මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විණි.
ඉන්ධන මිල සුත්‍රය, ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය ආදී කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සහ නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයා රැස්වීමට පැමිණියේ කළු පටි පැළඳගෙන ය.
සභාපතිවරයා පසුගිය සභාවාරයේ වාර්තාව ඉදිරිපත් කළ අතර හිටපු සභාපති නිමල් ගාමිණි වීරසිංහ මහතා එය අසත්‍ය වාර්තාවක් ලෙස සභාවට යෝජනා කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති විය.
සභාව පාලනය කිරීමට පොලීසිය පවා කැඳවීමට සිදු වූ අතර අවසානයේ රැස්වීම කල් තැබීමට සභාපතිවරයාට සිදු විය.
පසුගිය දින කිහිපයේ දකුණු පළාත් සභාවේ සහ අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ ද මේ අයුරින් ගැටුම් ඇති විණි.