by Staff writer 11-10-2018 | 8:38 PM
COLOMBO (News 1st) - වැලි ප්‍රවාහන ලොරියක් සම්බන්ධ ගැටලුවක් මුල් කර ගෙන ගිනිඅවියක් රැගෙන පැය කිහිපයක් නොසන්සුන් ලෙස හැසිරුණ කළුතර, තෙබුවන පොලීසියේ සැරයන්වරයා සමාජ මාධ්‍ය ඔස්සේ සිද්ධිය පැහැදිලි කර තිබේ.
තමන් පොලීසිය භාරයට ගත් වැලි ලොරියක් මුදාහැරීමට එරෙහිව විරෝධය පළ කරමින් නගරයට පැමිණ විරෝධය දැක්වූ තෙඹුවන පොලීසියේ සේවය කළ මෙම සැරයන්වරයා පසුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර මේ වන විට ඇප මත මුදාහැර සිටියි.