තංගල්ල මහාධිකරණයෙන් 10 දෙනෙකුට මරණ දඬුවම

පුද්ගලයින් 6 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරුවන් වූ 10 දෙනෙකුට මරණ දඬුවම

by Staff writer 11-10-2018 | 5:07 PM
COLOMBO (News 1st) - එකම පවුලේ පුද්ගලයින් 6 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරුවන් වූ විත්තිකරුවන් 10 දෙනෙකුට තංගල්ල මහාධිකරණයෙන් අද මරණ දඬුවම නියම කෙරිණි. ඒ, තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා විසින් අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි. විත්තිකරුවන් අගුණකොලපැලැස්ස, දික්වැව ප්‍රදේශයේ මවක සහ දරුවන් 5 දෙනෙකු ඝාතනය කර තිබුණේ 1998 වසරේදී ය. මින් එක් විත්තිකරුවෙකු අධිකරණය මගහැර සිටින බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු ද නිකුත් කෙරිණි.