ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළට

ඇමතිවරු දැක නැති බව කී මිල සූත්‍රයට අනුව අද රෑට ත් තෙල් මිල වැඩිවෙයි

by Sagarika Chathumali 10-10-2018 | 7:48 PM

COLOMBO (News 1st) : අද මධ්‍යම රාත්‍රියේ ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල ඉහළ දමා තිබේ.

මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, ඔක්ටේන් 92 ක පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6 කින් ඉහළ යන බවයි. ඒ අනුව රුපියල් 149 ක්ව පැවති පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 155 ක් දක්වා ඉහළ යනු ඇති. ඔක්ටේන් 95 ‍වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඉහල දමා ඇත්තේ රුපියල් 8 කිනි. ඒ අනුව ඔක්ටේන් 95 ‍වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 169 ක් දක්වා වැඩි වනු ඇති. සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 8 කින් ඉහළ දැමීමත් සමග එහි නව මිල රුපියල් 141 කි. කෙසේ වෙතත් ඔටෝ ඩීසල් මිල සංශෝධනය කර නොමැති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ය.