ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 10-10-2018 | 7:08 AM
COLOMBO (News 1st)  1. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සිදු වූ වංචා පිළිබඳව විමර්ශනය කිරීමට පත් කළ කොමිෂන් සභාව හමුවේ 2017 වසරේ එම සමාගම ලබා ගත් ණය මුදල් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ. 2. ජීවන වියදමට සරිලන විශ්‍රාම වැටුපක් ඉල්ලා සමස්ත ලංකා රජයේ විශ්‍රාමිකයින්ගේ ඒකාබද්ධ ජාතික සංවිධානය ඊයේ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයට පැමිණියේ ය. 3. ගිනිඅවියක් අතැතිව කළහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගැනුණු තෙඹුවන පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයා ශරිර ඇප මත මුදා හැරීමට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළේ ය. 4. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය සහ ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර තිබේ. 5. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහිව පැවැත්වෙන නඩු විභාගය ලබන දෙසැම්බර් මස 04 වන දා සිට අඛණ්ඩව දිනපතා විභාගයට ගැනීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ තීරණය කළේ ය. විදෙස් පුවත් 6. ඔස්ට්‍රේලියාවට පැමිණෙන නව සංක්‍රමණිකයින්ට සිඩ්නි සහ මෙල්බර්න් නගරවලින් පිට ජීවත් වන ලෙසට බලපෑම් කරමින් නව යෝජනාවක් සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියානු රජය සූදානම් වේ. ක්‍රීඩා පුවත් 7. ශ්‍රී ලංකාවේ අමිල පසන් වර්ණකුලසූරිය ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී ටී 42 මීටර 100 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම ඊයේ දිනා ගත්තේ ය.