by Staff writer 10-10-2018 | 1:33 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ ලාල් පුෂ්ප කුමාර ආසියානු පැරා ක්‍රීඩා තරගාවලියේදී ටී 64 උස පැනීම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තේ ය.
ආසියානු පැරා ක්‍රීඩා තරගාවලිය ඉන්දුනීසියාවේදී පැවැත්වේ.
එහි තරග පැවැත්වෙන 5 වන දිනය අදයි.
ලාල් පුෂ්ප කුමාර ටී 64 උස පැනීම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමත් සමග ශ්‍රී ලංකාව රන් පදක්කම් 2ක් ද සමගින් පදක්කම් 9ක් දිනා සිටියි.