ශ්‍රී ලංකා - එංගලන්ත පළමු එක්දින තරගය අතහැර දැමේ

ශ්‍රී ලංකා - එංගලන්ත පළමු එක්දින තරගය අතහැර දැමේ

by Staff writer 10-10-2018 | 10:35 PM
ශ්‍රී ලංකා සහ එංගලන්ත කණ්ඩායම් අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අතහැර දැමීමට විනිසුරුවරුන් තීරණය කළේ ය. ඒ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙනි. මෙම තරගය රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත් විය. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය. ඔලී ස්ටෝන් අද එංගලන්තය වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගත්තේ ය. එංගලන්ත ඉනිම ආරම්භ කළේ, ජේසන් රෝයි සමගින් ජොනී බෙයාස්ටෝව් පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 49 කට සීමා කරමින් ජොනී බෙයාස්ටෝව් ලකුණු 25 කට දැවී ගියේ ය. ජේසන් රෝයි ලකුණු 24ක් රැස් කළේ ය. තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වන විට පන්දුවට පහර දෙමින් සිටි එංගලන්ත කණ්ඩායම, පන්දුවාර 15 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 92 ක් රැස් කර ගෙන සිටියේ ය්‍.