English
தமிழ்
කර්තෘ Staff writer
10 Oct, 2018 | 2:02 pm
COLOMBO (News 1st) – ජනප්‍රිය ගායන හා රංගන ශිල්පියෙකු වන අභාවප්‍රාප්ත රොනී ලීච් මහතාගේ දේහය ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට දිවයිනට රැගෙනවිත් තිබේ.
පවුලේ ඥාතියෙකු පැවසුවේ, දේහය මහජන ගෞරවය සඳහා අද පස්වරු 6.00 සිට හෙට පස්වරු 2.00 දක්වා බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තැබෙන බව ය.
ඉන් අනතුරුව දේහය ගල්කිස්ස ක්‍රිස්තුදේව දෙව් මැදුරේ තැන්පත් කර තැබෙන අතර අවසන් කටයුතු ගල්කිස්ස සුසාන භූමියේදී හෙට පස්වරු 3.00ට සිදු කිරීමට නියමිතව තිබේ.
මිය යන විට 65 වන වියේ පසු වූ රොනී ලීච් මහතා දරුවන් දෙදෙනෙකුගේ පියෙකි.
සංගීත ප්‍රසංගයකට සහභාගී වීමට ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයට ගොස් සිටි රොනී ලීච් මහතා ප්‍රසංගය නිම කර යළි දිවයිනට පැමිණීමට නියමිතව සිටියදී හෘදයාබාධයක් හේතුවෙන් පසුගියදා මිය ගියේ ය.
1973 වසරේදී ගායන ක්ෂේත්රයට පිවිසි රොනී ලීච් මහතා 1981 වසරේදි සුපර් ගෝල්ඩන් චයිම්ස් සංගීත කණ්ඩායමට ගායකයෙකු ලෙස එක්විණි.
ඔහු ගායනා කළ ගීත අතර තට්ටයා හා කවුද බොලේ ඇලිස් යන ගීත ද ඔහු රඟ පෑ චිත්‍රපට අතර ඈතින් ඈතට, යළි හමුවෙන්නයි , චෙරියෝ ඩාලිං, ජොලි බෝයිස්, මගෝ ඩිගෝ ඩයි යන චිත්‍රපට ද ප්‍රේක්ෂකයින් අතර වඩාත් ජනප්‍රියත්වයක් හිමි කර ගත්තේ ය.
11 Oct, 2018 | 08:36 PM
18 Feb, 2019 | 11:06 AM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS