මිල සූත්‍රයට අනුව මාසික ඉන්ධන මිල සංශෝධනය අද

මිල සූත්‍රයට අනුව මාසික ඉන්ධන මිල සංශෝධනය අද

මිල සූත්‍රයට අනුව මාසික ඉන්ධන මිල සංශෝධනය අද

කර්තෘ Staff writer

10 Oct, 2018 | 6:42 am

COLOMBO (News 1st) – මිල සූත්‍රයට අනුව මේ මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධ තීරණය අද ගැනීමට නියමිත ය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ, ඊට අදාළ සංඛ්‍යාලේඛන මුදල් අමාත්‍යංශයට ඉදිරිපත් කර ඇති බව ය.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හා අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් පසුගිය මස 10 වන දා සිට අද දිනය දක්වා ඩීසල් හා පෙට්‍රල් ලීටරයකින් රුපියල් 15 බැගින් අලාභයක් ලැබීමට සිදුව ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ ය.

මේ අතර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසුවේ, මිල සූත්‍ර කමිටුව විසින් ඉන්ධන මිල සංශෝධනය කිරීමේ තීරණය අද ලබා දෙන බව ය.