ඇමතිවරු දැක නැති බව කී මිල සූත්‍රයට අනුව අද රෑට ත් තෙල් මිල වැඩිවෙයි

ඇමතිවරු දැක නැති බව කී මිල සූත්‍රයට අනුව අද රෑට ත් තෙල් මිල වැඩිවෙයි

ඇමතිවරු දැක නැති බව කී මිල සූත්‍රයට අනුව අද රෑට ත් තෙල් මිල වැඩිවෙයි

කර්තෘ Sagarika Chathumali

10 Oct, 2018 | 7:48 pm

COLOMBO (News 1st) : අද මධ්‍යම රාත්‍රියේ ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල ඉහළ දමා තිබේ.

මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, ඔක්ටේන් 92 ක පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6 කින් ඉහළ යන බවයි.

ඒ අනුව රුපියල් 149 ක්ව පැවති පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 155 ක් දක්වා ඉහළ යනු ඇති.

ඔක්ටේන් 95 ‍වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඉහල දමා ඇත්තේ රුපියල් 8 කිනි.

ඒ අනුව ඔක්ටේන් 95 ‍වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 169 ක් දක්වා වැඩි වනු ඇති.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 8 කින් ඉහළ දැමීමත් සමග එහි නව මිල රුපියල් 141 කි.

කෙසේ වෙතත් ඔටෝ ඩීසල් මිල සංශෝධනය කර නොමැති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ය.