රත්නපුරට නායයාම් අනතුරු ඇඟවීම්

රත්නපුරට නායයාම් අනතුරු ඇඟවීම්

by Staff writer 09-10-2018 | 11:34 AM
COLOMBO (News 1st) : අධික වර්ෂාව හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයට නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, අයගම සහ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට එම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති බවයි. මේ අතර නෝවුඩ් නිව්වැලිගම ප්‍රදේශයේ නායයාමේ අවදානමක් හේතුවෙන් පවුල් 5 ක පුද්ගලයින් 23 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබේ.