පීඩාවට පත් ජනතාවට සහන සලසන්නැයි ජනපතිගෙන් උපදෙස්

පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සලසන්නැයි ජනපතිගෙන් උපදෙස්

by Staff writer 09-10-2018 | 12:11 PM
COLOMBO (News 1st) : වැසි සහිත කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සලසන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආදාළ අංශවලට උපදෙස් දී තිබේ. දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා සීෂෙල්ස් රාජ්‍යයට ගොස් සිටින, ජනාධිපවරයා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට දුරකථනය ඔස්සේ, උපදෙස් ලබා දී ඇත්තේ, විපතට පත් ජනතාවට සහන සැලසීමේදී කිසිදු අවස්ථාවක මූල්‍ය ප්‍රතිපාදන ගැටලුවක් කර නොගන්නා ලෙසයි. වියළි ආහාර ද්‍රව්‍ය, පානීය ජලය සහ සෞඛ්‍ය පහසුකම් ඇතළු විපතට පත් ජනතාවට අවශ්‍ය සුබසාධන වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස ද ජනාධිපතිවරයා ආපදා කළමනාකරණ අමාත්‍යවරයාට උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. ජල ගැලීම්වලින් විපතට පත් ජනතාව මුදා ගැනීමේ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවේ සහය ලබා ගන්නා ලෙස ජනාධිපතිවරයා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට උපදෙස් දී තිබේ.