ගෝඨාභයට එරෙහිව නඩුව දෙසැම්බර් 4 සිට දිනපතා විභාගයට

ගෝඨාභයට එරෙහි නඩුව දෙසැම්බර් 4 සිට අඛණ්ඩව විභාගයට

by Staff writer 09-10-2018 | 11:00 AM
COLOMBO (News 1st) : හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහිව පැවැත්වෙන නඩු විභාගය ලබන දෙසැම්බර් මස 04 වන දා සිට අඛණ්ඩව දිනපතා විභාගයට ගැනීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද තීරණය කළේ ය. මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රාජ්‍ය මුදල් අවභාවිත කරන ලැදැයි කියන චෝදනා මත ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ. අද දින මෙම නඩු විභාගය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේ ය. මෙම නඩුව අද විභාගයට ගැනුණේ, විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේදීයි.