ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයින්ට නව නීතියක්?

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයින්ට නව නීතියක්?

by Staff writer 09-10-2018 | 2:15 PM
ඔස්ට්‍රේලියාවට පැමිණෙන නව සංක්‍රමණිකයන්ට සිඩ්නි සහ මෙල්බර්න් නගරවලින් පිට ජීවත්වන ලෙසට බලපෑම් කරමින් නව යෝජනාවක් සම්මත කරගැනීමට ඕස්ට්‍රේලියානු රජය සුදානම් වේ. ඕස්‍ට්‍රේලියානු නගර සහ ජනගහන අමාත්‍ය ඇලන් ටජ් සඳහන් කළේ,  ඔස්ට්‍රේලියාවේ විශාලම නගර දෙකෙහි තදබදය නතරකර පළාත්බද ප්‍රදේශ දියුණු කිරීම මෙම නව නීතියේ අරමුණ බවයි . ඒ අනුව නව සංක්‍රමණිකයන් ජීවත්වන ප්‍රදේශ සීමා කිරීමට අදාළ වීසා කොන්දේසි , ඕස්ට්‍රේලියානු රජය , ඉදිරි වසර 5 තුළ හඳුන්වා දෙනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය . මේ වනවිට ඕස්ට්‍රේලියාවේ මිලියන 25 ක් වන ජනගහනයෙන් පහෙන් දෙකක්ම ජීවත්වන්නේ සිඩ්නි සහ මෙල්බර්න් නගරවලයි .