ඉන්ධන මිලට එරෙහිව ධීවරයින් පිරිසක් විරෝධතාවයක

හලාවත - කොළඹ ප්‍රධාන මාර්ගයේ ධීවරයින් පිරිසක් විරෝධතාවයක

by Staff writer 08-10-2018 | 3:03 PM

COLOMBO (News 1st) - හලාවත - කොළඹ ප්‍රධාන මාර්ගය තෝප්පුව ප්‍රදේශයෙන් අවහිර කරමින් ධීවරයින් පිරිසක් අද පෙරවරුවේ සිට විරෝධතාවක නිරත විය.

ඒ, ඉහළ ගොස් ඇති ඉන්ධන මිල සහ අයිස් මිල පහත දමන්නැයි බල කරමිනි. විරෝධතාව හේතුවෙන් මේ වන විට හලාවත - කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා මතු ව ඇති බව පොලීසිය සඳහන් කළේ ය.